සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කිත්රුවන් විතානගේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 99 ක් පමණි. ඔහු සිය කුළුඳුල් ශතකය වාර්තා කළේ නසීර් හුසේන්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමිනි.