කෑගල්ල මූලික රෝහලේ අතුරුදන්වූ වෛද්‍ය ජීවක මහතා කොළඹකොටුවේ සිට හැටන් දක්වා ධාවනයවූ ටිකිරිමැණිකේ දුම්රියේ දෙවැනි පංතියේ මැදිරියක සිටියදී සොයාගෙන තිබේ.
දුම්රියේ මැදිරි පවිත්‍ර කිරීමට පැමිණි ආදේශක කම්කරුවෙකු විසින් වෛද්‍යවරයා දැක තිබෙන අතර, ඔහු සිහිමඳ ගතියකින් සිටීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ ආරෂක නිලධාරීන්ට දැනුම් දී තිබේ.
දුම්රිය ස්ථානයේ දැනුම්දීම මත හැටන් පොලීසිය එම ස්ථානයට පැමිණ වෛද්‍යවරයාව දික්ඔය මූලිකරෝහලට ඇතුළත්කර තිබේ. සිහිමඳ ගතියෙන් සිටි වෛද්‍යවරයාව ඊයේ රාත්‍රියේම නැවතත් මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවාතිබේ.