කැළිකසළ ගැටලුව පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 1917 ලෙස කෙටි දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.
මෙම අංකය හරහා අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යසාධක බළකා මෙහෙයුම් මධ්‍යස්ථානයට ජනතාවට තොරතුරු ලබාදීමට අවස්ථාව සැලසේ.
මේ අනුව නගර ආශ්‍රිතව සිදුවන අවධිමත් කැළිකසළ බැහැර කිරීම පිළිබඳ හා පළාත් පාලන ආයතන නිසිලෙස කැළිකසළ එකතුකිරීම සිදුනොවන අවස්ථාවලදී මෙම දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව පළාත් පාලන ආයතන මගින් එකතු කරන කැළිකසළ නිවැරදිව බැහැර නොකිරීම පිළිබඳ මෙම දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරීමට හැකිය.