කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් සිසුන්ගේ ජීවත්වීමේ නිදහස අහිමි කර ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද(27දා) දින පැමිණිලි කළ බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දන සුදේෂ් මහතා පැවසීය.
දේශන ශාලා තුළ බිය වැද්දීම,දුරකථන ඇමතුම් ලබාදී බිය වැද්දවීම, සිසුන්ගේ නිවෙස්වලට පොලීසිය යවා මවුපියන් බියවැද්දීම,රැස්වීමේ නිදහස හා අදහස් දැක්වීමට ඇති නිදහස අහිමි කිරීම,ශිෂ්‍යාවන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුවන බවට පැමිණිලි කළද සොයා නොබැලීම,සිසුන්ගේ ජංගම දුරකථන උදුරා ගැනීම,ෆේස්බුක් භාවිත නොකරන ලෙසට තර්ජනය කිරීම,කලා උලෙළ සඳහා සම්බන්ධ නොවන ලෙසට පළමු වසර සිසුන්ට තර්ජනය කිරීම ආදී වශයෙන් දැඩි ශිෂ්‍ය මර්දනයක් සිදුවන බව ඔහු කීය.