කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින පවුල් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ යටතේ රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින පවුල් 2100ක් ඉවත් කළ යුතුව ඇති අතර, ඔවුන් සඳහා නිවාස 2036ක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟවී ඇත.
වර්ග අඩි 400ත් 500ත් ප්රමාණයේ වන මෙම එක් නිවාසයක් රුපියල් මිලියන 04ත් 05ත් අතර වටිනාකමකින් යුක්ත වේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස දිවිත්ව දුම්රිය මාර්ගයක් වශයෙන් වැඩිදියුණු කිරීමට නියමිතය.