කැලණිය (1971 ට පෙර විද්‍යාලංකාර) විශ්වවිද්‍යාලය ආරම්භ වී 2015 වසරට වසර පනස් හයක් පිරීම නිමිත්නේ ඊයේ (14දා) පෙ.ව 10.00ට විශ්වවිද්‍යාලයීය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් දාන ශාලාවේ සාංඝික දානමය පිංකමක් පැවැත්විණි.
කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංසදය, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති හා අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම පිංකම සංවිධානය කර තිබුණි.
1875 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ අතිපූජ්‍ය රත්මලානේ ධර්මාලෝකභිධාන නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාරමාභිධාන නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය ලුණුපොකුණේ ධම්මානන්දාභිධාන නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාමාභිධාන නායක ස්වාමීන් වහන්සේ සහ නාත්තන්ඩියේ ප්රඥාකරාභිධාන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි ස්වාමීන් වහන්සේ ආදී කොටගත් විශ්වවිද්‍යාලයේ අභිවර්ධනය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටුකළ අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාටත්, දිවංගත මහාචාර්ය හේමචන්ද්‍ර රායි, කෞෂල්යාන පණඩිත, සර් නිකුලස් ආටිගල, රාහුල සංස්කෘත්යායත මහා පඬිතුමා, දොන් දානියල් ජයතිලක සේනානායක, ගාර්දියස් ලියනආරච්චි, දේවගේ පෑලිස් ෆර්නැන්ඩු, විමලගුණවර්ධන මුදලි, රත්නායක පතිරණ හා අමාරිස් උපාසක ප්රමුඛ ගිහි සැදැහැවතුන්ටත් පිං අනුමෝදනා කිරීම මෙහිදී සිදුකෙරිණි.
එමෙන්ම විශ්‍රාමිකව දැනට ජීවිතයේ සන්ධ්‍යා භාගය ගෙවන ආචාර්යවරුන් සහ සියලුම ආදී විද්‍යාර්ථින්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් අරබයා කීර්තිමත් ආදිවිද්යාර්ථ ස්වාමීන් වහන්සේලා 85 දෙනෙකුට අධික ස්වාමීන් වහන්සේලාට දානය පිරිනැමීම මෙහිදී සිදුවිය.