කැලණි විශ්වවිද්‍යාලයේ කන්නන්ගර (වෙනුර) පිරිමි නේවාසිකාගාරයේ ගින්නක් අද (26දා) උදෑසන හටගෙන තිබේ. පිරිමි නේවාසිකාගාරයේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් මෙම කාමරය සම්පූර්ණයෙන්ම හානී වී ඇත. ගින්න හට ගන්නා අවස්ථාවේ කාමරය තුළ සිසුන් දෙදෙනකුද සිටි බව වාර්තාවේ. මේ වනවිට ගින්න නිවීමට කටයුතු කර ඇති අතර කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.