කොළඹට ආසන්නව කැලණි ගඟ දෙපස සිටින සියලුම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යන ලෙසට බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ඉල්ල සිටියි.
ඉහළ ප්‍ර‘දේශවලට අධික වර්ෂා තත්ත්වයක් ඇති වී තිබෙන නිසා කැළණිගඟේ පහළ කොටසේ ජලමට්ටම ඉහළ යමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය. මේ නිසා සාමාන්‍ය ජල ගැල්මක් මත නිවෙස්වල රැඳී සිටින ජනතාව සකස් කර තිබෙන ආරක්ෂිත ස්ථානවලට පැමිණෙන ලෙසද ඉල්ලා සිටියි.
කඩුවෙල සිට පහළ කොටසේ පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු සඳහන් කළේය.