නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12)හමුදා සේවයෙන් කැමැත්තෙන් ඉවත්ව ගිය උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉල්ලීම පිළිබඳ අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.
එම ඉල්ලීම් 2017 වසරේ පෙබරවාරි මස වනවිට ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම පාලන කටයුතු සිදුකරමින් පවතින බවත් එම නිවේදනරයේ දැක්වේ. යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ,ඒ.ඩබ්ලිව්.එම්.පී.ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර තිබේ.