කැමරා සවිකරගත් යතුරුපැදිකරුවන්ට පොලීසියෙන් තර්ජන එල්ල වන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇතැම් යතුරුපැදිකරුවන් සිය හිස්වැස්මට කැමරා සවිකරගෙන ඇති අතර, පොලිස් නිලධාරීන් ඔවුන් නවත්වා කැමරාව අක්‍රිය කරන ලෙසත්, නැවත සවිකළහොත් කැමරාව කඩා දමන බවට තර්ජනය කරන බවත් එම සංවිධානය අද (30දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෝටර් රථ පනතට අනුව හිස්වැසුමට කැමරා සවිකිරීම හෝ ගමන පටිගත කිරීම නීති විරෝධී ක්‍රියාවක් නොවන බවත්, පොලීසියට තර්ජනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුහුපවසති.
එසේ තර්ජනය කරන පොලිස් නිලධාරීන්ගේ සේවා අංකය සටහන් කරගෙන 0773083479 යන අංකයට දැනුම් දෙන ලෙසද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.