ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පැවැති කැබිනට් හමුවටද අමාත්‍යවරුන්ගේ සහභාගිත්වය අවම මට්ටමක පැවැති බව වාර්තා වෙයි.
මෙම හමුවට නොපැමිණි බොහෝ අමාත්‍යවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් බවද තොරතුරු වාර්තාවෙයි.
අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මේ වන විට විදෙස් ගතව සිටිති.
මේ පිළිබඳව කැබිනට් හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසුවේ ඇතැම් අමාත්‍යවරුන් විදෙස් ගතව සිටින බවත් තවත් පිරිසක් අද දිනයේදී කැබිනට් හමුවට එක්විය නොහැකි බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බවත්ය.