විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵල අනුව සඳුදා දිනයේදී බොහෝ දුරට කැබිනට් සංශෝධනයක් සිදුවෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට පාර්ලිමේන්තුවේදි එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යරයාට එරෙහිව ඡන්දය භාවිත කරන අමාත්‍යවරුන්ගේ ධුර අහිමි වෙනු ඇති බවත් ඔහු පැවැසීය.