කැබිනට් මණ්ඩලය විසුරුවන්න ජනපතිට සම්පූර්ණ බලය තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා ඊයේ (17දා) පස්වරුවේදි ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැක තම පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීම සදහා හමුවූ අවස්ථාවේදී පැවසීය.
ලෝකයේ ප්‍රථම වතාවට ජනතාව එපා කියා ප්‍රතික්ෂේප කල අපේක්ෂකයන් 9 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගෙන ඔවුන්ට ප්‍රබල ඇමැතිකම් දි එයින් කෙනෙකු ලවා හම්බන්තොට වරාය විකුනන්නටද කටයුතු කර වත්මන් රජය ජනතාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කල බව ද ජී එල් පිරිස් මහතා එහිදී කිය.
වැඩි දුරටත් අදහස් දැක්වු ජී එල් පීරිස් මහතා මෙසේද කීය.
දැන් රට පුරා බොරු ප්‍රචාරයක් ගෙනියනව අගමැති වෙනස් කරන්න ජනාධිපතිට ආන්ඩුක්රම ව්‍යවස්ථාව යටතේ බලයක් නැ කියල .ඒක සම්පූරණයෙන් අසත්‍යක් .ජනාධිපතිතුමා තමා අමාත්‍යවරුන්ට විෂයන් පවරන්නෙ.කැබිනට් මන්ඩලය විසුරුවන්න ජනාධිපතිට සම්පූර්ණ බලයක් තියෙනව කැබිනට් මන්ඩලය විසිරුවොත් අගමැතිවරයාව ඉබේම ඉවත් වෙනව ඉන් පස්සෙ ජනාධිපතිවරයට පුලුවන් පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය පවරන්න මේ දේවල් කරන්නට ජනපතිතුමාට ආන්ඩුක්රම ව්‍යවස්ථාව යටතේ බලයක් තියෙනව අගමැතිතුමා ඉවත් කිරීම සම්බන්දයෙන් නීතිමය බාධාවක් නොමැති බවද එහිදී ජී එල් පීරිස් මහතා අවධාරණය කලේය.