පොදුරාජ්‍ය මණ්ඩලය වෙත ලබාදෙන ආධාර මුදල් කපා හැරීමට කැනඩාව විසින් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතාගේ කණගාටුව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමිනුත්, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම හේතුවෙනුත් ඉදරි වසර දෙක සඳහා කැනඩාව විසින් පොදුරාජ්‍ය මණ්ඩලයට ලබාදෙන ආධාර මුදල් ඩොලර් මිලියන 20කින් කපා හැරීමට කටයුතු කරනු ලැබීය.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කමලේෂ් ශර්මා මහතා සඳහන් කරන්නේ කැනඩාව විසින් ලබා දෙන මුදල් නැවත වරක් ලබාගැනීම සඳහා කටයුතු කරන බවයි.
පොදුරද මඩුලු වෙබ් අඩවිය ඇසුරෙනි