වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් එහෙයින් අද (15 දා) සිට දිවයිනේ පවත්නා කාලගුණ තත්ත්වය වෙනස් විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ නැගෙනහිර කොටසේ වැසිද අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇතිවේ යැයි අපේක්ෂා කරන බවත් දකුණු, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.