නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වී තිබෙන බවත් එය ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි දින කිහිපයේදී ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී, විශේෂයෙන් 2016 නොවැම්බර් මස 04 සිට 06 වන දින දක්වා, දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් දිවයිනේ නිරිත දිග සහ උතුරු කොටස් වලට තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයේ වෙයි.