නව උදාගම් වැඩසටහන යටතේ ඉදිකරන ලද 06 වැනි උදා ගම්මානය වන කාමච්චි ග්‍රාමම් ගම්මානය, මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ සවුකඩිහිදී එළඹෙන 15 වැනිදා ජනතා අයිතියට පත්කෙරෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පවසා සිටින්නේ නිවාස 25කින් සමන්විත මෙම ගම්මානය අක්කර 04 ක් පුරා විහිදී ඇති අතර, පර්චස් 15 ක භූමි ප්‍රමාණයක් එක් නිවසක් සඳහා වෙන් කර ඇති බවයි.
ගම්මානයට ප්‍ර‘වේශවන මාර්ගය හා එහි අභ්‍යන්තර මාර්ග පද්ධතිය මැනවින් සකස් කර ඇති බවත්, සෑම නිවසකටම විදුලි බලයද, නිවසකට එක බැගින් ළිං හා නළ ලිං 04ක්ද ඉදිකර ඇති බවද සඳහන් වෙයි.
එසේම විවෘත කිරීමේ උත්සවයේදී කාමච්චි ග්රාමම්හි ප්‍රතිලාභීන්ට නිවාස හිමිකම් ඔප්පු ලබාදීමටද නියමිතය.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ කාමච්චි ග්‍රාමම් නැගෙනහිර පළාතේ විවෘත වන දෙවැනි උදා ගම්මානය වන අතර, දෙමළ බස කතා කරන බහුතර ජනතාවක් වෙසෙන ප්‍ර‘දේශයක ඉදිකරන ලද පළමු උදා ගම්මානයද වන බවයි.
දිස්ත්‍රික්කයේ පවුල් 300කට විසිරි නිවාස ණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 48.73 ක නිවාස ණය ලබාදීමද මෙදින සිදු කිරීමට නියමිතය.