විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව සංචාරක වීසා මගින් කාන්තාවන් රැකියා සඳහා විදේශගතකිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර, දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටාර්හි රැකියාවක් සඳහා යැවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි රාමසාමි චන්ද්‍රන් (අවුරුදු 31) නමැති අදාළ සැකකරු මෙම කාන්තාව විදේශගතකරන බව පවසා රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ. ඔහු ජූලි මස පළමු වෙනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරිණි. ඔහුට නැවතත් සැප්තැම්බර් මස 20වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු සහකාර පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල පෙරේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන් බණ්ඩාර, විමර්ශන අංශයේ නිලධාරීන් වන නවෝදනි ගයාශානි ගමගේ හා හර්ෂ බණ්ඩාර යන මහත්ම මහත්මීහු එක්වූහ.