ඉදිරි වසර 5 තුළදී ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් රට රැකියාවට යාම ක්‍රමයෙන් අවම කර ඒ වෙනුවට වෘත්තීය ශ්‍රමිකයින් යොමුකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.
එය නව රජයේ ඉලක්කයක් බවද ඇය කියා සිටී. ගෘහ සේවිකාවන් රට රැකියා සඳහා යොමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.