කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලනයට කැඳවාගෙන එම සඳහා ඒ පිළිබඳව දැනුවත් කිරීමට පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල හා පළාත් සභාවල කාන්තා නියෝජනය ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත් අදාළ අවස්ථා සාමාන්‍ය කාන්තාවන් ලබාගත යුතු බවද පවසා සිටියේය.
මෙතෙක් විශාල වශයෙන් සිදුව තිබෙන්නේ ඇමැතිගෙන් මන්ත්‍රී බිරිඳ, දියණිය, නැගණිය වැනි පවුලේ පිරිස් දේශාපාලනයට පැමිණීම බවද හෙතෙම සඳහන් කළේය. එහෙත් මෙම ක්‍රමය වෙනස් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට තම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවද අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.