රාජපක්ෂ කල්ලියට මේ රටේ කාන්තාවන් ගැන සැබෑ කැක්කුමක් නැති බව බවත් ඔවුන් ගෙදර බුදුන් අම්මා යැයි කියමින් නිවසේ බුදුපිළිමය බිමට ගසා දැමීමක් හා සමාන ක්රියාවක් කළ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
අග්රාමාත්යවරයා මේබව පැවසුයේ අද (13) බදුල්ලේදීය .
ඒ අනූව රාජපක්ෂ කල්ලියට කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කිසිදු කැක්කුමක්, කැපවීමක් නැති බවද, එම කල්ලිය කාන්තාවන්ට විරුද්ධ තමන්ගේ පුද්ගලික නියෝජනය ගැන පමණක් සිතීම නිසා යැයිද අග්රාමාත්යවරයා එහිදී කියා සිටියේය.
පළාත් පාලන ආයතනයක කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවටත්, පිරිමි නියෝජනය උපරිම සියයට 75ක් විය යුතු බවටත්, වන නිර්දේශ පළමුව ඇති කළ බවද එමඟින් කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව වැඩි කිරීමට ඉඩ ලැබෙන පරිදි මේ සම්බන්ධ යෝජනාව පසුගිය අඟහරුවාදා ගෙනආ අවස්ථාවේදී රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ ඊට බාධා කළ බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.