කාන්තාවක් නිරුවතින් පාරේ ගමන් කළත් පිරිමි ලෙස තමන්ගේ මනස යහපත් ලෙස හැසිරෙවීමට හැකිවිය යුතු බව කුමාර් සංගක්කාර පවසයි.
ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“කාන්තාවක් නිරුවතින් පාරේ ගියත් පිරිමියෙක් හැටියට පුළුවන් වෙන්න ඕන අපේ මනස යහපත් විදිහට හදා ගන්න. හැමවෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වැරැද්ද කියලා. ඒක පිරිමින්ගේ නිදහසට තිබෙන කාරණා.”