ඩුබායි සිට ශ්රී ලංකාවට නීති විරෝධී අයුරින් ගෙන ආ රුපියල් මිලියන 3ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් අත්අඩංගුවට ගැනිමට කටුනායක රේගුව සමත්ව තිබෙනවා. අද (02දා) පෙ.ව. 5.30ට පමණ ඩුබායි සිට ශ්රී ලංකාවට පැමිණි කාන්තාවකගේ පපු ප්රදේශයේ සඟවා තිබියදී මෙම රන් ආභරණ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. රන් ආභරණ තොගය රාජ සන්තක කළ රේගුව සැකකාරියට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීය. සැකකාරිය 60 වැනි වියේ පසුවූවාය.