කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, දියුණුවේ මංපෙත් හෙළි කරයි, ඇය සවිමත්, යන තේමාව යටතේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රධානතන්වයෙන් අද (08) පස්වරුවේ පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවත්විණි.
මෙවර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද, සෙනෙහස, විශේෂ පුවත්පත් අතිරේකය ළමා හා කාන්තා කටයුතු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
කාන්තා ව්‍යවසායිකාවන් අගයමින් සම්මාන හා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, දස සිල් මාතාවන් මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවීලාල් විෙජ්වංශ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ කාන්තා සංවිධාන නියෝජිතවරියන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






