කාන්තා ගෘහ මූලික පවුල් සඳහා වන ජාතික සැලසුමක් සකස්කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. සංවර්ධන ක්‍රියාවලියෙහිලා කාන්තාවන්ගේ දායකත්වය හා ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමේ අරමුණින්මෙම තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 24.3%කගෘහ මූලිකත්වය කාන්තාවන් විසින් උසුලනු ලබයි.
මේහේතුවෙන් කාන්තා ගෘහ මූලික පවුල් සඳහා වන ඒකාබද්ධ ප්‍රවේශයක් සැලසුම් කරමින් පවතින බවත්, එයසෞඛ්ය හා මනෝ සමාජීය සහාය, ජීවනෝපාය සංවර්ධනය, සහාය සේවා පද්ධතිය, ආරක්ෂාව, සමාජ රැකවරණය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රජා දැනුම්වත් කිරීම යන ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ක්‍රියාත්මක කිරීමටත් නියමිත බවදකාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.