හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපල ඉදිකිරීමට ගත් ණය උගුලෙන් බේරීමට රටට හැකි වුවද හම්බන්තොට ක්‍රීඩාංගණය සහ සම්මන්ත්රණ ශාලාව වෙනුවෙන් ගත් ණය සඳහා රටේ ජනතාවට ගෙවන්නට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය 2015 වර්ෂය තුළ රුපියල් බිලියන 18,782.65 ක් පාඩු ලබා ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “වරාය තව අවුරුදු 50කින් වත් ලාභ ලබන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි රජය සහ පෞද්ගලික අංශය එකතුවෙලා ක්‍රමවේදයක් හදන්න තීරණය කළේ. සති දෙකක් ඇතුළත ඒ දේ කරන්න අපිට පුළුවන් වෙයි. හම්බන්තොට වරාය පාඩු ලබන නිසා කොළඹ වරායෙන් ලබන ලාභය මේ ණය පියවන්න යොමුකරන්න වෙලා. හම්බන්තොට වරාය සම්පූර්ණයෙන් විකුණන්නේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් එකතුවෙලා කරගෙන යනවා මිස. එහෙම නැති උනොත් මේක සම්පූර්ණයෙන්ම විකුණන්න තමයි වෙන්නෙ.” යැයි අමාත්‍යවරයා පැවසීය.