තවදුරටත් විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි බවත් ක්‍රීඩාංගණ සෑදීමට වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ උන්නතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
“පසුගියකාලේ අපි ආයෝජනය කළේ ක්‍රීඩකයින්ට නෙවෙයි. මට මතකයි, මම එදා කිව්වා ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අපට ඇති අවශ්‍යතරම් තියෙනවා කියලා. නමුත් දේශපාලකයින්ගේ නම් ගහන්න අලුතින් ක්‍රීඩාංගණ හදලා ක්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් කළා. අපිට ඇත්තටම අවශ්‍ය වුණේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ නෙවෙයි. රුපියල් බිලියන ගණන් වියදම් කරලා ක්‍රීඩාංගණ හැදුවට වැඩක් නෑ අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ හදන්නේ නැතිනම්. අපි හැමෝටම ලොක්කො වෙන්න බෑ. අද වෙලා තියෙන්නේ හැමෝම ලොක්කෝ වෙන්න හදනවා. ක්‍රීඩාව විනාශ වීමට ඒක හේතුවක්. විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම් අපි හැදුවේ නැතිනම් අපේ ක්‍රිකට් ගැන තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන එකක් නෑ.... ” යැයිද අමත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.