රට ආර්ථික වශයෙන් මෙනම අධ්‍යාපන හා ක්‍රීඩා අංශයෙන්ච දියුනු කළ යුතු බවත්, පසුගිය කාලයේදී මෙරට ක්‍රීඩා සංගම් සිය ක්‍රීඩා වලින් ඉවත්ව බොක්සිං ක්‍රීඩාවට නැඹුරු වී ඇණකොටා ගත් බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
41 වන ජාතික ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවයට ඊයේ (20දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ දී එක්වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව පැවැසීය.
"රට දියුණු කරන්නට ඇත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවෙයි. අධ්‍යාපන හා කී‍්‍රඩා යන අංශවලින්ද දියුණු කළ යුතුයි. අපේ රටට අන්තර්ජාතික වශයෙන් විශේෂ කීර්තියක් අත්කර ගැනීමට නම් අපි ක්‍රීඩා ක්ෂේත්රයෙන් රට දියුණු කළ යුතුයි. ඒ දියුණුව පසුගිය කාලයේ හරියාකාරව සිදුවුණේ නැහැ.
ක්‍රීඩා සංගම් රාශියක් තමන් කළ ක්‍රීඩාවලින් ඉවත්වී බොක්සිං ක්‍රීඩාවට නැඹුරු වුණා. අපි එම නිලධාරින්ගෙන් දුටුවේ සංවර්ධනයක් නොව ඇනකොටා ගැනීමක් පමණයි. මේ සියළු තත්වයන් අපි නැවත නිවැරදිව කළ යුතුව තිබෙනවා. ක්‍රීඩාවට වෙන්කළ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ" යැයි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.