ක්රිමියාහි ශ්‍රී ලාංකීය සිසුන්ගේ ආරක්ෂාව ගැන අවදියෙන්
යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ උද්ගතව ඇති අනාරක්ෂිත තත්ත්වයත් සමග ක්‍රිමියා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය සිසුන් 13 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මොස්කව් තානාපති කාර්යාල නිලධාරීන් සමග සාකච්ඡා කරන බවට පළ වී ඇති වාර්තා සාවද්‍ය බව එම අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, යුක්රේනයේ තානාපති කටයුතු කරන මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකීය සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එහි තත්ත්වය පිළිබඳ දිගින් දිගටම අවධානයෙන් පසුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ වනවිට, ශ්‍රී ලාංකීය සිසුන් 20 දෙනෙකු සිම්ෆරෝපොල් හි ක්‍රිමියා රජයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන බවට මොස්කව් තානාපති කාර්යාලය දැනුම්වත් බවත්, තානාපති කාර්යාලය ඔවුන් සමග සෘජු සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවත් පැවසෙයි.
කෙසේ වෙතත්, මෙම විශ්වවිද්‍යාලය උණුසුම්කාරී වාතාවරණය උද්ගතව ඇති කලාපයට බොහෝ දුරින් පිහිටා ඇති නිසා සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමට හෝ සිසුන් හදිසියේ ගෙන්වා ගැනීමේ තත්ත්වයක් උද්ගතව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

