ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් පිළීබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා අද(31දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන් විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවත්,ඉදිරි පක්ෂ නායක රැස්වීමට එය ඉදිරිපත් කරන බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රෙය් පැවති ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේදී අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පරාජයන් වුවා යැයි කියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා එල්ල කිරීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
තරඟ පරාජයට පත්වුයේ පරිපාලනයේ වරදින් බවද ඔහු කීය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ශෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා සඳහන් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුලු ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නයි රජයෙන් ඉල්ලා සිටින බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවද සූදූ ක්‍රීඩාවක් ලෙස පවත්වාගෙන යාම නිසා තරඟ පරාජයන් සිදුවන බවට සැකයක් ඇතිවන බවද හෙතෙම පවසා සිටියේය.