තමන්ට මන්ත්‍රීවරයෙක් ලෙස රටේ ඕනෑම තැනකින් ඡන්දය ඉල්ලා ජයග්‍රහණය කළ හැකිවුවත් ක්‍රිකට් නිලවරණයේදී ජයග්‍රහණය කළ නොහැක්කේ මාෆියාව නිසා බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන කරයි. එසේම තමන්ව නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට පාර්ශ්වයක් පත්කරගෙන ඇති හෙයින් තමන්ගේ උදව් ඒ පුද්ගලයන්ට අවශ්‍ය නොවෙනු ඇති බවත් අර්ජුණ රණතුංග මහතා පැවැසීය.
"මම මන්ත්‍රීවරයෙක් ලෙස ඕනැම තැනකින් දිනත හැකියි. නමුත් ක්‍රිකට් නිලවරණයේදී දිනන්න බෑ? මොකද ක්‍රිකට් මාෆියාව නිසා. ඒක නිසා තමයි පහුගිය කාලේ හිටපු ක්‍රීඩා ඇමතිවරු අතුරුපාලක කමිටු දැම්මේ. දැන් මේක තේරුම් ගන්න හොඳ කාලයක් මේක වෙනස්විය යුතුයි. සෙල්ලම් කරන්නේ නැති ක්‍රීඩා සමාජ තියෙනවා. ඒවායේ ඡන්ද තියෙනවා. ඒවායේ තමන්ගේ කට්ටිය ඉන්නවා. අද නැවතවරක් ඇවිල්ලා තියෙන්නේ ඒ අයම තමයි. ඉතින් මම සුබ පතනවා ආපු කණ්ඩායමට. එකම දේ හොරකම් කරලා වැරදි වැඩක් කළොත් අපි බලාගෙන ඉන්නවා. මම උදව් කරන්න අවශ්‍යතාවක් නෑ. මොකද ඒ අය හොඳ නිසානේ ක්‍රීඩා සමාජ එහෙම ඡන්දේ දුන්නේ. ඒ අය වරදක් කළොත් ක්‍රීඩා සමාජ ඒකට වග කියන්න ඕන. ක්‍රිකට් වල මම තාමත් ඉන්නවා. මේ ඡන්දේ ගැන ප්‍රශ්නයක් නෑ. මම මේකට කිසිම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. කනගාටුවක් නෑ. මම ආවේ ක්‍රිකට් හදන්න, ඒක අවශ්‍ය නැත්නම් ක්‍රිකට් ඔහොම ගියපුදෙන්."
ඡායාරූපය ශමීර රාජපක්ෂ