ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ 2014/2015 නව කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් මෙන්ම එළඹෙන පන්දුවාර 20 -20 ලෝක කුසලාන තරගාවලියේ ගෙවීම් පිළිබඳව ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සාකච්ඡා කිරීමට අද (12දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය.
මේ අනුව හෙට (13දා) ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් පිළිබඳව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් නිශාන්ත රණතුංග, නුෂ්කි මොහොමඩ්, මොහාන් ද සිල්වා, ඈෂ්ලි ද සිල්වා ඇතුළු විධායක කමිටු සාමාජිකයන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කුමාර සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංගද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිට ඇත. මෙහිදී එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබෙන මුදලින් 20% ක් ක්‍රීඩකයන්ට අවශ්‍ය බවට ඉල්ලීමක්ද ක්‍රීඩකයන්ගෙන් ඉදිරිපත් වී තිබේ. කෙසේ නමුත් දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා ධනාත්මක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවැසීය.