විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය තායිලන්තයේ නව ශ්‍රීලංකා තානාපතිවරිය ලෙද වත්මන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ. මීට අමතරව රටවල් 9 ක් සඳහා නව තානාපතිවරුන් පත්කර තිබෙන අතර ඒ අනුව හිටපු හමුදාපතිවරුන් වන ජෙනරාල් ජගත් ජයසූරිය සහ ජෙනරාල් දයා රත්නායක මහත්වරුද වෙති. මෙම පිරිසට පත්වීම් ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද පැවසීය.
තනාපති පත්වීම් ලබාගත් පුද්ගලයින් මෙසේය.
ජනරාල් ජගත්ජයසූරිය - බ්‍රසීලය, වයි.කේ.ඒ. රොහාන් - ඉරානය , පී. සෙල්වරාජ් - ඊශ්‍රායලය, ඒ.ජී.එම්.සදීක් - නෙදර්ලන්තය, ජනරාල් දයා රත්නායක - පාකිස්තානය , ඩබ්.එම්. කරුණාදාස - කටාර් , ආර්. ඩී.රාජපක්ෂ - ස්වීඩනය , ක්ෂෙණුකා සෙනෙවිරත්න - තායිලන්තය, එස්.එච්.යූ. දිසානායක - වියට්නාමය