මඩකලපුව - කළුවන්චිකුඩි රෝහලේ පවතින සේවක හිඟයට විසඳුම් ඉල්ලා රෝහල් සේවකයෝ හා ප්‍රදේශයේ පොදු සංවිධාන රැසක නියෝජිතයෝ අද (13දා) විරෝධතාවක නිරත වූහ. රෝහලට ඖෂධවේදී පුරප්පාඩු හයක් පවතින බවත් දිගු කලක සිට පවතින මේ පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය ඖෂධවේදීන් 34 දෙනෙකුට පුහුණුව ලබාදී ඇතත් ඉන් එක් පුරප්පාඩුවක් හෝ පිරවීමට බලධාරීන් කටයුතු කර නොමැති බවත් එහිදී ඔවුහු පැවසූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා වැකි ප්‍රකාශ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
මඩකලපුව - ජවුෆර්කාන්