අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 10 වැනිදා උදේ 9.00 සිට සවස 6.00 දක්වා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 06කට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අදාළ පැය 09ක කාලය තුළදී පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරේ.
මේ පිළිබඳ 1939 කෙටි දුරකථන අංකය මගින් විමසීම් කළ හැකි බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.