කහවත්ත මව හා දියණිය ඝාතනයේ තවත් තොරතුරු රහස් පොලීසිය හෙළිකර ගනියි
ලංකාවටම භීෂණයට පත්කළ ද්විත්ව කාන්තා ඝාතන රැල්ලේ ආරම්භක ද්විත්ව ඝාතනය වන කහවත්ත කොටකෙතන මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් වෙනත් පරීක්ෂණයකදී ඉතා වැදගත් තොරතුරු හෙළි වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසුරිය මහතා ඊයේ (06 දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
එලෙස තොරතුරු හෙළි වූ ප්‍රකාශය මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව නීතිපතිවරයා සිය අවධානය යොමුකර ඇතැයි කියමින් ජයන්ත ජයසූරිය මහතා කළ ප්‍රකාශය සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (06දා) විශේෂ ජූරි සභාවක් හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබූ මෙම නඩුව ලබන 25 වැනිදා තෙක් කල් තැබුවාය.
විශේෂ ජූරි සභාවට ඉදිරිපත්වීම සඳහා අධිකරණයේ කැඳවීම අනුව පුද්ගලයන් කිහිප දෙනෙකුම උසාවියට පැමිණ සිටි අතර, යළි දැනුම්දුන් විටෙක පැමිණෙන ලෙස ඔවුන්ටද, නඩුවේ සාක්ෂිකරුවන්ටද නියම කළ විනිසුරුවරිය ඔවුන් මුදාහරිනු ලැබීය.
2012.01.31 වැනිදා කහවත්ත කොටකෙතනදී නයනා නිල්මිණි (52) සහ කවින්ධ්‍යා චතුරංගි සෙල්ලහේවා (16) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් රාජු සහ බට්ටි නමැති අඹුසැමි යුවළකට එරෙහිව නඩු පවරා තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

