මැදිරිගිරිය කහඹිලියාව ඔය රක්ෂිතය ආසන්නයේ තිබූ ජීව අත්බෝම්බ දෙකක් මැදිරිගිරිය පොලීසිය විසින් අද (30දා) සොයාගනු ලැබීය. කහඹිලියාව ඔය ප්රතිසංස්කරණ කටයුතුවල නිරත පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ දැකීමෙන් අනතුරුව ඒ පිළිබඳව මැදිරිගිරිය පොලීසියට දැනුමී දී තිබේ. ඉන් අනතුරුව මෙම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා යුද හමුදා බෝම්බ නිෂ්ක්රිය අංශයට මේ බව දැනුම් දී ඇත. පසුව කහඹිලියාව ඔය රක්ෂිතය ආසන්නයට පැමිණි එම නිලධාරීන් විසින් එම අත් බෝම්බ දෙක නිෂ්ක්රිය කරන ලදී.