කහටගහ ග්රැෆයිට් පතල පෞද්ගලීකරණය කිරීමට යැයිද ඒ සඳහා විරෝධය දක්වනවා යැයිද පවසමින් කහටහග ග්රැෆයිට් පතලේ සේවකයන් පිරිසක් අඩි 1132ක් යට මාරාන්තික උපවාසයක් අරම්භ කර තිබේ.
අද (25දා) මෙම උපවාසය ආරම්භ කර තිබේ. පතල පෞද්ගලීකරණය කිරිමට විරෝධය දක්වමින සේවයකයන් පසුගිය දින කිහිපය තුළදීම වෘත්තීය ක්රියාමාර්ග ගත්තත් ඒ සඳහා නිසි පිළිතුරක් රජයෙන් නොලැබීම හේතුවෙන් ඔවුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
|
මේ වසරේ මාර්තු මාසයේදීත් ග්රැෆයිට් පතලේ සේවකයන් පතල යට උපවාසයක් ආරම්භ කළේය.
|