කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ ඉතිහාසය තුළ ප්‍රථම වරට සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියකදී පදක්කම් දිනූ කසුනි දේශානි දැරිය ජයග්‍රහණය කළ පදක්කම් පාසලේ ආරක්ෂිත කබඩ් තුළ තබා තිබියදිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබීම පිළිබඳපුත්තලම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
2017 වසරේ දිවයිනේ පාසල් රැසක් අබිබවමින් සාහිත්‍ය තරගාවලියකින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය සමග රන් පදක්කම දිනාගැනීමට කසුනි දේශානි දැරිය සමත් වූයේ එම පාසල ඉතිහාසයේ මෙතෙක් ලබා තිබූ ඉහළම ජයග්‍රහණය ලබාදෙමිනි.
එසේ ලබාගත් රන් පදක්කම සහතික සියල්ල පාසලේ කබඩි තුළ ආරක්ෂිතව තිබියදී ඉකුත්දා (29දා) රාත්‍රියේ පාසලේ වහලයේ උළු ඉවත් කරමින් ඉන්පසුව සිවිලිමද කඩා දමා පාසලේ කාර්යාලයට කඩා වැදී ඇති කිසියම් පිරිසක් එහි කබඩ්වල ඉබියතුරු කඩාදමා එහි ආරක්ෂිතව තිබු රන් පදක්කම් හා ලෝකඩ පදක්කම සමග එම කාමරය තුළම වූ මේසයක ඉබි යතුරු කඩා එහි තිබූ රුපියල් 4000කට ආසන්න මුදලක්ද සොරාගෙන ඇතැයිපුත්තලම මුලස්ථාන පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.