ග්‍රාමීය වශයෙන් කසිප්පු උවදුර විශාල ලෙස පැතිර යමින් තිබෙන බවත්, මේ සඳහා සමහර දේශපාලඥයන්ගේ සම්බන්ධයක් පවතින බවත් විශේෂ ව්‍යාපාති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
කසිප්පු ජාවාරම දේශපාලඥයන් හා බැඳී පවතින නිසා කොට්ඨාස ක්‍රමය යටතේ පවත්වන මැතිවරණවලදී කසිප්පු ජාවාරම්කරුවන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණීමේ ඉඩකඩ පවතින බවද අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
මේ නිසා බියර් මිල අඩුකිරීම හා මත්පැන්වල සැර ප්‍රමාණයට මත්පැන් බෝතලයක මිල තීරණය කිරීම විශාල ගැටලුවක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.