කසළ භාවිතයෙන් සිදුකරන මාෆියාවක තොරතුරු අනාවරණය වී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කොළඹ නගරයේ කසළ ටොන් 1300ක් එක්වන බවට ලේඛනගත කර තිබුණද, සැබැවින්ම එකතු වන්නේ කසළ ටොන් 600ක් බව මේ වනවිට අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ, මහනගර අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් හඳුන්වා දෙනු ලබන මහල් නිවාසයන්හි සම්පත් පියස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''කෙරවලපිටිය වෙත ගෙන ආ කසළ ප්‍රමාණයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී කසළ ටොන් 1,300ක් කෙරවලපිටිය කසළ අංගනයෙන් බාරගෙන ඇති බවට සඳහන් වෙනවා. එම වාර්තාවල කසළ රැගෙන පැමිණි ලොරි රථ සංඛ්‍යාවද අන්තර්ගත වෙලා තිබෙනවා. පසුව අපි ලොරි රථවල බරකිරීම සඳහා තරාදියක් සවිකළා. තරාදිය සවිකර දවසක් තුළ පෙර සඳහන් කළ සංඛ්‍යා ලේඛනවල සඳහන්වූ ටොන් 1,300ක කසළ ප්‍රමාණය ටොන් 600ක් දක්වා පහළ බැස්සා. මෙපමණ කළක් පැවැති කසළ මාෆියාවේ තරම ඉන් තේරුම්ගත හැකියි. ඒ අනුව එම වංචනික ක්‍රියාවන්ට වැට බැඳීමට අපට හැකිවුණා'' යැයි පැවසීය.