කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණ අසල වර්ග කළ කසළ බඳුන් සකස් කරන ලෙසත් පළාත් සභා සහ පළාත් පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දී ඇත. එම කසළ බඳුන් අසළ පැය 24 පුරාම පොලිස් නිලධාරී යොදවා නිරීක්ෂණය කිරීමටද නියමිතය.
නොදිරන කසළ පුතිචක්රීකරණයට පෞද්ගලික අංශය කොන්දේසි විරහිතව සහය දීමට එකඟවු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.ලේකම්වරයා මේ අදහස් පළ කළේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදීය.
නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා පළමුව කොළඔ මහ නගර සභාව සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සංගමය අතර ගිවිසුමක් අත්සන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟතාවය පළ කෙරිණි.