විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ගෝනහේන වත්තල පොලිස් වසමේ පවත්වාගෙන යනු ලබන කසල තේ ගබඩාවක් වටලා එහි තිබූ කසල තේ කිලෝ 102,499ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විශේෂ කාර්ය බළකාය නිවේදනයකින් කියයි.
සිද්ධිය සමබන්ධයෙන් සැකකරුවන් 07 හා ලොරි රථ දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම පෙරේදා (03දා) සිදුකර තිබේ.