”රාජපක්ෂ පවුල් බලේ යළිත් අපට එපායැයි” ගම්පහ දිස්ති්රක්කය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණයට තරග කරන දිවුලපිටිය ආසන සංවිධායක කපිල අජිත් වික්රමසිංහ මහතා දිවුලපිටිය ප්රදේශයේ මැතිවරණ රැස්වීමක් අමතමින් කවියෙන් කතාවක් කරමින් පැවසීය.
1.යූ. එන්. පියත් සිරිලංකා දෙකේ
වෙනසක් නැත එකම ධනපති ක්රමය රැකේ
රතු රජයක් පිහිටුවන තෙක් මෙසිරි ලකේ
සීමාවක් නොමැත පොඩි අප විදින දුකේ
2. පාලකයෝ නටති නාටක අමු හෙලුවෙන්
බේරා ගනිමු නිල් කොළ ගනුදෙනුවෙන්
ගලවමු වහල් බැමි යදමින් බැදි කණුවෙන්
අප කැපවෙමු සොයුර මතු පරපුර වෙනුවෙන්
3.ධනපති ක්රමය ගෙන යන නිල් කොළ කල්ලී
දෙදරනු පෙනේ උන්ගේ පදනම් හෙල්ලී
යළි රට යට නොවෙනු ඇත බලයට සල්ලී
අපි පෙළ ගැසෙමු සොයුරු නංගී මල්ලී
4.බලේ ඉදිද්දී දිනන්ට යෙදුවත් නෙක උපා
නොරැවටෙමින් ජනයා ගැලවුනා දුකින් අපා
මේ ඡන්දේ පරදවන්නේ සහමුලින්ම කපා
රාජපක්ෂ පවුල් බලේ යලිත් රටට එපා
5.ලැබුණු මේ ඉඩෙන් ප්රයෝජනය ගන්නේ නැතිනම් ඔන්න
සිදුවෙයි ඔබ අප හැමටම ඒ ගැන පසු කාලෙක තැවි තැවි ඉන්න
එකම එක දෙයයි බොහොම සුලූ දෙයයි කළ යුතු ඒකෙන් ගැලවෙන්න
ඇගිලි තුඩුවලින් පැන්සල අරගෙන කතිරෙන් සීනුව දිනවන්න
6. සිටි ඉවසා විදි බඩසා නිමවන්න
තැන විමසා යස පසසා තෝරන්න
සැම එකසා හද සකසා පිබිදෙන්න
අප පිනිසා එන මිනිසා දිනවන්න
7. අලුත් ගමනකට මේ රට ගෙනයන්න
හැකි ජවිපෙට පමණි මෙය තේරුම් ගන්න
ඔබෙ හෘද සාක්ෂිය මෙවර දිනවන්න
ඇවැසිය සීනුවට ඔබෙ ඡන්දය දෙන්න
8. රට හදන්න පුලුවන් වෙන නියෝජිතයෝ යවනවා
එය හරියට සිදු කරන්න ඔබට දැක්ම තියෙනවා
සැකයක් නැහැ රතු සීනුව මහ ඉහලින් දිනනවා
ඔබට අපෙ රටට ජවිපෙට ජයවේවා කියනවා
මීරිගම කාන්ති