මොරටුව නගර සභා බල ප්රදේශය, පානදුර හා හොරණ යන ප්රදේශවල ජය සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ කලු ගඟ අපවිත්රවීම හේතුවෙනි.ඉංගිරිය ප්රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීයාම හේතුවෙන් එහි ඉන්ධන කලු ගඟට මිශ්රවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවා ඇත.
ඒ අනුව බොරලැස්ගමුව, බණ්ඩාරගම, පිළියන්දළ, කැස්බාව, රයිගම, මොරොන්තුඩුව, වැල්මිල්ල, මිල්ලනිය, කිරිබේරිය, කෙසෙල්වත්ත, කුඹුක්ක, කහතුඩුව යන ප්රදේශවලත් ජල සැපයුම අත්හිටුවා ඇත.