මසා නිමකළ දිග පිරිමි කලිසම් තොගයක් තුළ බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්කුඩු කිලෝ 01 ග්‍රෑම් 04 ක් සූක්ෂම ලෙස සඟවාගෙන චෙන්නායි සිට කටුනායකට පැමිණ සිටි ඉන්දීය ජාතිකයෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු රැගෙන විත් තිබූඑම දිග කලිසම් තොගය සඳහා ගුවන්තොටුපළේදී රේගු ගාස්තු ලෙස රුපියල් 16000ක්ද ගෙවා රේගු සීමාව පසු කොට ඇති බවද වාර්තා විය.
මත් කුඩුවල වටිනාකම රුපියල් කෝටියකට වඩා වැඩි බව මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.
පාඩියන් ජීවන්තම් (31) නමැති සැකකාර ඉන්දීය ජාතිකයා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා වෙත ඉදිරිපත් කොට මෙම මත්කුඩු ජාවරමට සම්බන්ධ වෙනත් පුද්ගලයන් සිටිනවාද යන්නසැකකරුගෙන් තවදුරටත් මේ පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ලබන 14 වැනිදා දක්වා රඳවා තබාගැනීමේ රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.
සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ