ආණ්ඩුව හෙට (07දා) දිනයේදී පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත දේශීය ආදායම් පනත මගින් සමස්ත කලාවටම බදු පනවාඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා කලා ක්ෂේත්රයට ලබාදී තිබූ සියලුම සහන එලෙසම ලබාදෙන ලෙසට පක්ෂයක් ලෙසට සංශෝධන ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ගෙන ඒමට නියමිත මෙම බදු පනත තුළින් මිනිසුන්ට, අලිඇතුන්ට, මැණික් කර්මාන්තයට, ස්වර්ණාභරණ කර්මාන්තය ඇතුළු සියලුම ක්ෂේත්රවලට බදු පැනවෙන බවද හෙතෙම පවසා සිටියේය.