අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30දා) තමිල්නාඩු ප්‍රාන්තයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.
හිටපු ජනාධිපතිවරයාගේ උපන් ගම්මානය වූ රාමේෂ්වරම් පැවැත්වූ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගි විය.
ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස වර්ෂ 2002 සිට 2007 දක්වා කටයුතු කළ කලාම් මහතා ජනතාවගේ ජනාධිපතිවරයා සහ මිසයිල මිනිසා යන නාමයන්ගෙන් ගෞරවාදරයට පත්විය.
පසුගිය සඳුදා විශේෂ දේශනයක් සිදුකරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය.
මේ අතර, ඉන්දියාව තුළ අසහාය නායකයෙකු ලෙස ප්‍රකට වූ කලාම් මහතාට ගෞරව දැක්වීම සඳහා සමාජජාල මාධ්‍ය බෙහෙවින් යොදාගෙන තිබුණු අතර, ට්විටර් හි #KalamSir යන්න පසුගිය දින දෙක තුළ ඉහළම ප්‍රතිචාර ලැබූ tag එක විය.