කල්මුණ නගරයේ පොදු වෙළද පොලෙහි ඇතිවූ ගින්නකින් කඩකාමර 14ක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙන බව පොලීසිය කියයි.
ඊයේ (27දා) පස්වරුවේ මෙම ගින්න ඇතිව තිබේ. කල්මුණ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවත් දේපල හානිය තක්සේරු කර නැති බවත් පොලීසිය කියයි.