කල්පිටිය ධීවර ජනතාවට කඩිනම් විසදුම් ලබාදෙන බවත් එතෙක් සාමකාමීව කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. සුළුපන්න ධීවරයින් හා ලයිලා, සුරුක්කු දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් අතර කල්පිටියේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අදහස් දක්වමින් අමාතවරයා මේබව කීය. ඒසඳහා කඩිනම් ස්ථිරසාර විසදුමක් ලබාදීමට කටයුතු කරන බවද කල්පිටියේ ධීවර විරෝධතාව පිළිබදව දැනගත් අවස්ථාවේදීම ඒ පිළිබදව, සියළු පාර්ශව වලින් කරුණු විමසු බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරචිචි මහතා පැවසීය.
සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමූපකාර සමිතියේ 39 වැනි වාර්ෂික සම්මේලනයට සහභාගීවීමට හලාවතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම ධීවර ගැටළුව පිළබදව ධීවර කැබිනට් අමාත්‍යවරයා සමග මෙන්ම අගමැතිවරයා හා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර සැමට පිළිගතහැකි විසදුමක් ලබාදීමට කටයුතු කරන බවය. එම විසදුම ලබාදෙන තෙක් සාමකාමීව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සියළු ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.